“ජනතාවට විදුලිය නැතුව විදුලිබල මණ්ඩලයක් මොකටද?.”
මේ වන විට දෛනිකව දිවයින පුරා සිදුකෙරෙන විදුලි කප්පාදුව පැය 15ක් දක්වා දීර්ඝ කිරීමේ අවධානමක් මතුව ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමය පවසයි.
එම සංගමයේ සභාපති අනිල් රංජිත් ඉඳුවර පැවසුවේ තාප බලාගාර සදහා ඉන්ධන සපයාගැනීම තවදුරටත් අඩාල වුවහොත් විදුලි කප්පාදුව දීර්ඝ කෙරෙනු ඇති බවයි.
“දැනට තෙල් ලැබිලා තියෙන්නේ බලාගාර දෙකක් සඳහා පමණයි. අපි දැනුවත් පරිදි අද සහ හෙට තෙල් ලැබෙන්නේ නෑ. මහජන උපයෝගීතා කොමිසම සහ දේශපාලන අධිකාරිය පිළිගත්තේ නෑ අපි මුල් කාලයේ කිව්වා පැයක් පමණ කපලා මේක ක්‍රියාත්මක කරමු කියලා. ඒ අය අපිට ඉඩ දුන්නේ නෑ ඒ මොහොතේ විදුලිය කපන්න. එදා අපි පැයක් කැපුවා නම් මේද තව ටිකක් පාලනය කරගන්න තිබුණා. ජනතාවට විදුලිය නැතුව විදුලිබල මණ්ඩලයක් මොකටද?.”
“දැනට පැය 10ක් විදුලිය කපනවා. ඒක පැය 12 කරන්න වෙයි, පැය 15 කරන්න වෙයි. එතකොට මට හිතෙන්නේ විදුලිය දෙන ප්‍රමාණය කියන එක වඩා හොඳයි කියලා.”
“දෙවියෝ වැස්ස දුන්නොත්.. සල්ලි දුන්නොත් එළියක් සහිතව අවුරුද්ද සමරන්න පුළුවන් වේවි.”
(Aruna)