Saturday, February 14, 2026
Follow Us
පැය 13ක් රටම අඳුරේ

අද (31) විදුලිය කැපෙන්නේ මෙහෙමයි


අද දිනයේ පැය 13ක කාලයක් විදුලිය කප්පාදු කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීමට මහජන උපයෝගිතා කොමිසම අවසර ලබාදී තිබේ.

ඒ අනුව හෙට අලුයම 3 සිට මධ්‍යම රාත්‍රි 12 දක්වා කාලය තුළ පැය 4 සිට උපරිම පැය 6 දක්වා කාලසීමාවකට යටත්ව අවස්ථා කිහිපයකදී දිවයින පුරා මෙම විදුලි කප්පාදුව සිදුකෙරෙනු ඇත.

ඒ අනුව ABCDEF කලාප සඳහා අලුයම 3 සිට අලුයම 6 දක්වා කාලය තුළදී පැය තුනක විදුලි කප්පාදුවක්, මධ්‍යහන 12 සිට පස්වරු 4 දක්වා පැය 4ක විදුලි කප්පාදුවක් පස්වරු 6 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා පැය 6ක විදුලි කප්පාදුවක් සිදුවනු ඇති.

GHIJKL කලාප සඳහා මධ්‍යම රාත්‍රී 12 සිට අලුයම 3 දක්වා පැය 3 ක්, උදෑසන 8සිට මධ්‍යහන 12 දක්වා පැය 4ක්, පස්වරු 4 සිට රාත්‍රී 10 දක්වා පැය 6ක් විදුලිය කප්පාදු වනු ඇති.

මේ අතර PQRS කලාප සඳහා අලුයම 3 සිට අලුයම 6 දක්වා කාලය තුළදී පැය 3ක විදුලි කප්පාදුවක්, මධ්‍යහන 12 සිට පස්වරු 4 දක්වා පැය 4ක විදුලි කප්පාදුවක් පස්වරු 6 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා පැය 6ක විදුලි කප්පාදුවක් සිදුවනු ඇති.

එසේම TUVW කලාප සඳහා මධ්‍යම රාත්‍රී 12 සිට අලුයම 3 දක්වා පැය 3 ක්, උදෑසන 8සිට මධ්‍යහන 12 දක්වා පැය 4ක්, පස්වරු 4 සිට රාත්‍රී 10 දක්වා පැය 6ක් විදුලිය කප්පාදු වනු ඇති.

MNOXYZ යන කලාප සඳහා අලුයම 5.30 සිට උදෑසන 9 දක්වා කාලය තුළ පැය 3යි මිනිත්තු 30 ක කාලයක් සහ පස්වරු 4 සිට 6 දක්වා කාලය තුළදී පැය 2ක කාලයක් විදුලිය විසන්ඳි වනු ඇති.

(Aruna)