Sunday, February 15, 2026
Follow Us
කඩදාසි හිගය නිසා දුම්රිය ප්‍රවේශපත්‍රයත් වෙනස් වෙයි

දුම්රිය ප්‍රවේශ පත්‍ර ඩිජිටල් ක්‍රමයට නිකුත් කිරීම සදහා නව ක්‍රමවේදයක් සැලසුම් කරමින් සිටින බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා. නෙත් නිවුස් කළ විමසීමකදී අමාත්‍යවරයා කියා සිටියේ දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සදහා කඩදාසි භාවිත කෙරෙන ක්‍රමය ඉවත් කිරීමට එමගින් අපේක්ෂා කරන බවයි.

දුම්රිය ප්‍රමාදය වළක්වාලීම සදහා පවතින අඩුපාඩු සකස් කිරීමටද අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි ප්‍රවාහන අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සදහන් කළේ.

(Neth)