අගමැති ජනතාවට දුන් පොරොන්දුව
දැඩි ආර්ථික අර්බුද තත්ත්වය හමුවේ පීඩාවට පත්ව සිටින ජනතාවට සහන ලබාදීමට වැඩපිළිවෙළක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසයි.
(26) බත්තරමුල්ල ප්‍රදේශයේ පැවැති උත්සවයකට සහභාගි වෙමින් අග්‍රාමාත්‍යවරයා පැවසුවේ විවේචනය කරන දේශපාලනඥයින්ට ජනතාව වෙනුවෙන් වගකීමක් ඉෂ්ඨ කළ නොහැකි බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා….
සමහරු දේශපාලන වශයෙන් ජනතාවගේ ප්‍රශ්න දිහා බලලා කටයුතු කරන්න සමහරු අපොහොසත්. විවේචනය කරන්න පුළුවන්. ඔවුන්ට වගකීමක් භාර දුන්නාම ඒ වගකීම කරන්න පුළුවන්කමක් නැති බව අපි ඉතිහාසයෙන්ම පෙනිලා තියෙනවා.
මේක අමාරු කාලයක්. හැබැයි ඒ නිසා ජනතාට දෙන වරප්‍රසාද අඩුකරන්න බැහැ. ආණ්ඩුවක් වශයෙන් ජනතාවගේ ප්‍රශ්න දිහා බලලා ඒ අයට සහනයක් ලබාදීමට වැඩපිළිවෙලකට යන්න අපි කටයුතු කරනවා.
(Aruna)