Thursday, April 09, 2026
Follow Us
එන්නත් කාඩ්පත ගැන නිවේදනයක්

අවුරුද්දට කලින් බූස්ටර් එන්නත ගන්න


ලබන අප්‍රේල් 30 වනදා සිට පූර්ණ එන්නත්කරණයට ලක් වූ බව සහතික කළ කාඩ්පත අනිවාර්යය වන පොදු ස්ථාන ලයිස්තුව ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

මේ වනවිට මෙරට මිලියන 14.4 ක් ජනතාව කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ලබා සිටින නමුදු බූස්ටර් මාත්‍රාව ලබා සිටින්නේ මිලියන 7.7 ක් පමණි.

එළඹෙන සිංහල – දෙමළ අලුත් අවුරුද්දට පෙර ඉදිරි සති 2 තුළ බූස්ටර් මාත්‍රාව ලබා ගැනීමට කටයුතු කරන ලෙස වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සමිත ගිණිගේ පවසයි.

(Aruna)