අද විදුලි කප්පාදුවේ වෙනසක්
අද (27) දිනයේ කලාප 08කට අමතර පැයක කාලයක් විදුලි කප්පාදුවක් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය විසින් කරන ලද ඉල්ලීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් අනුමැතිය ලැබී තිබේ.
ඒ අනුව P, Q, R, S, T, U, V, W යන කලාප වලට අද උදෑසන 10 සිට සවස 02 අතර කාලයේ දී අමතර පැයක විදුලි කප්පාදුවක් සිදු වනු ඇත.
සති අන්තයේ විදුලි ඉල්ලුම ඉහළ යාම හේතුවෙන් මෙලෙස අමතර විදුලි කපාදුවක් කිරීමට තීරණය ගෙන ඇත.
අද (27) දින A, B, C, D, E, F, G, H, I, J, K, L කලාප සඳහා පෙරවරු 8.30 සිට සවස 5.30 දක්වා කාලය අතරතුර පැය 2යි මිනිත්තු 15ක විදුලි කප්පාදුවක් සිදු කරන අතර එම කලාප වලට සවස 5.15 සිට රාත්‍රී 10.30 දක්වා කාලය අතරතුර පැය 1යි මිනිත්තු 15ක් විදුලිය විසන්ධි කිරීමට නියමිතයි.
එමෙන්ම අමතර පැයක කාලයට අමතරව P, Q, R, S, T, U, V, W කලාපවල සවස 5 සිට රාත්‍රී 11 දක්වා කාලය අතරතුර විදුලිය කප්පාදු කෙරෙන්නේ පැය 2ක කාලයක් විදුලිය විසන්ධි කිරීමට නියමිතයි.
(Aruna)