ඉන්ධන මිල ගැන ඇමති ගාමිණි කිව්ව කතාව
ලංකා අයි.ඕ.සී. සමාගම සියලුම වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල ඊයේ (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 49කින් ඉහළ නංවා තිබුණි.
මේ වසර තුළ පමණක් අවස්ථා 04කදී ලංකා අයි. ඕ. සී සමාගම මිල ඉහළ නැංවීම සිදුකර ඇත.
මේ අතර සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් ගැන පැහැදිලි කරමින් බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කළේ දැනට ඉන්ධන මිල වැඩි නොකරන බවයි.
“ඒක අපිට ගැටලුවක්..අපි බලන්නේ IOC එක ගිය සැරෙත් වැඩි කරපුවෙලෙත් එහි අධ්‍යක්ෂ මණ්ඩලය ගෙනල්ලා කිව්වා තෙල් සංස්ථාවත් සමග සම කරන්න කියලා. ඉතින් මම දැන් ලේකම්තුමියට කිව්වා ගිවිසුම පරීක්ෂා කරලා බලන්න අපිට ඒකට කොතරම් බලපෑමක් කරන්න පුළුවන් ද කියලා. ඒ අනුව සඳුදා අපි කැබිනට් එකට පත්‍රිකාවක් ඇරලා ඒකට අවශ්‍ය කටයුතු කරනවා. දැනට අපේ තෙල් මිල වැඩිකරන්නේ නෑ.”
(Aruna)