Sunday, February 15, 2026
Follow Us
ගංජා වැවීමට තීරණය කරයි

විදේශ විනිමය අර්බුදයට පිළියමක්


විදේශ විනිමය අර්බුදයට පිළියමක් ලෙස ගංජා අපනයනය කිරීම සම්බන්ධයෙන් සර්ව පාර්ශික සමුළුවේදීද සාකච්ඡා කර ඇත.

ඒ සඳහා සියලු පක්ෂ නියෝජිතයන් අනුමැතිය ලබා දී තිබේ. ඇමැති බන්දුල ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩයනා ගමගේ, එම්.ඒ. සුමන්තිරන් මේ පිළිබඳ අදහස් පළ කර ඇත. අපනයනය සඳහා ගංජා වැවීමට හෝ ඒවා වගාකිරීම තහනම් කර ඇති ගැසට් පත්‍රය අහෝසි කිරීමේ කෙටුම්පත නීතිපතිවරයා වෙත යොමු කර තිබේ.

ගංජා විෂ මත්ද්‍රව්‍යයක් නොවන බවට නීතිපතිවරයා උපදෙස් ලබා දුන් පසු එය පාර්ලිමේන්තු අනුමැතියට ඉදිරිපත් කිරීමට නියමිතය. කංසා නීති ගත කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.

(Aruna)