ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන හැටි මෙතනින්
විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා අද (26) A,B,C,D,E,F,G,H,I,J,K,L දක්වා කලාප 12 ට තවදුරටත් පැය 5 ක් විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
P,Q,R,S,T,U,V,W දක්වා කලාප අටේ විදුලි කප්පාදුව පැය 4 යි විනාඩි 40 ක් අඩුකර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පැවසුවේය.
A,B,C,D,E,F,G,H,I,J,K,L කලාප 12 කට පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා දහවල් කාලයේ පැය 3 යි විනාඩි 20 ද, පස්වරු 6.00 සිට රාත්‍රී 11.00 දක්වා පස්වරුවේ පැයයි විනාඩි 40 ක් ද, විදුලිය කප්පාදු කරන බවයි.
P,Q,R,S,T,U,V,W දක්වා කලාප අටට පෙරවරු 9.00 සිට පස්වරු 6.00 දක්වා දහවල් කාලයේ පැය 3 ක් ද, පස්වරු 6.00 සිට රාත්‍රී 11.00 දක්වා පස්වරු කාලයේ පැයයි විනාඩි 40 විදුලිය කප්පාදු කරන බව එම මණ්ඩලය වැඩි දුරටත් සඳහන් කළේය.
(Aruna)