Sunday, February 15, 2026
Follow Us
පෙට්‍රල් මිල යළි ඉහළට

IOC නවතම ඉන්ධන මිල මෙන්න


ඊයේ (25) මධ්‍යම රාත්‍රී 12 සිට සියලුම පෙට්‍රල් වර්ගවල මිල රුපියල් 49කින් ඉහළ දැමීමට ලංකා IOC සමාගම තීරණය කර තිබේ.

එහෙත් ඩීසල් මිල වෙනස් නොවන බව එම සමාගම නිවේදනය කරයි.

රට තුළ පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් මෙම තීරණය ගැනීමට සිදුවූ බවද අදාළ සමාගම පවසයි.

ඒ අනුව IOC ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 303ක් දක්වා ඉහළ යනු ඇත.

IOC ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල දැක්වෙන්නේ රුපියල් 332ක් ලෙසය.

(Aruna)