Sunday, February 15, 2026
Follow Us
විදුලි කප්පාදුව දිනකට පැය 10ක්

වියළි කාලගුණික තත්ත්වය නිසා වුන දේ


දෛනික විදුලි කප්පාදුව පැය 10ක් දක්වා ලබන සතියේ සිට වැඩිවීමේ අවදානමක් ඇතැයි වාර්තා වෙයි.

විශේෂයෙන් ජල විදුලි බලාගාර සඳහා ජලය සැපයෙන ජලාශවල පෝෂක කලාපවලට වර්ෂාව නොලැබීමෙන් එම ජලාශවල ජාල ධාරිතාව සීඝ්‍රයෙන් පහළ යමින් පවතින බව බලධාරීන් පවසයි.

එසේම නිසි ආකාරයට ඉන්ධන නොලැබීම හේතුවෙන් ද කෙරවළපිටිය තාප බලාගාරක් ද ක්‍රියා විරහිත කර තිබේ.

දැනට සමහර කලාප සඳහා පැය 6කට අධික කාලයක් විදුලිය විසන්ධි කෙරේ.

මේ අතර පසුගිය අඟහරුවාදා (22) ලංකා විදුලිබල අමාත්‍යංශය නිවේදනයක් නිකුත්කරමින් පැවසුවේ ලංකා විදුලිබල මණ්ඩලයට අයත් ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශයන්හි ජල මට්ටම මේ වනවිට ඉතාමත් අවම මට්ටමක පවතින බවය.

ඒ හේතුවෙන් ජල විදුලි උත්පාදනයට තවදුරටත් බාධා පැමිණෙනු ඇතැයි විදුලිබල අමාත්‍යාංශය අවධාරණය කරයි.

මේවනවිට දිවයිනටම බලපා තිබෙන දැඩි වියළි කාලගුණික තත්ත්වයන් මත විදුලිබලය උත්පාදනය සදහා යොදාගනු ලබන ජලාශයන්හි ජල මට්ටම සීඝ්‍රයෙන් පහත බසිමින් පවතී.

(Aruna)