ප්‍රවාහන ඇමතිගෙන් දැනුම්දීමක්
විශේෂ දුම්රිය හා නගරාන්තර දුම්රිය ගාස්තු (24) රාත්‍රී වැඩි නොවන බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.
අවශ්‍ය තොරතුරු අමාත්‍යාංශයට ලැබීමට පෙර එසේ ගාස්තු සංශෝධනයට ගෙන තිබූ තීරණය සාමාන්‍යාධිකාරීවරයාට කතාකොට තමා අත්හිටවූ බව ඇමතිවරයා ප්‍රකාශ කළේය.
ගාස්තු සංශෝධනය ගැන අද රාත්‍රී සාකච්ඡා කරනු ලැබේ. ඉන්පසු ලබන සඳුදා හෝ අඟහරුවාදා අවසන් තීරණය දැනුම් දීමට පුලුවන් බව ඔහු පවසයි.
දුම්රිය ගාස්තු වැඩි කරනුයේ ඉන්ධන මිළ වැඩිවීම පියවා ගැනීමට අවශ්‍ය ප්‍රමාණයට පමණකැයි ප්‍රවාහන අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
(Aruna)