Sunday, February 15, 2026
Follow Us
දුම්රිය ගාස්තුත් ඉහළයයි

සාමාන්‍ය ප්‍රවේශපත් සහ වාර ප්‍රවේශපත් ගාස්තුත් ඉහළ යන ලකුණු


දුම්රිය ප්‍රවේශපත් ගාස්තු කිසිදු දැනුවත් කිරීමකින් තොරව ඊයේ (24) මධ්‍යම රාත්‍රී සිට ඉහළ දමා තිබේ.

දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පැවසුවේ නගරාන්ත, දුරගමන් සේවා සහ විශේෂ සීඝ්‍රගාමී දුම්රියවල ප්‍රවේශපත් මෙලෙස වැඩිකර ඇති බවයි.

ඒ අනුව ඇතැම් ගාස්තු 50% සිට 60% දක්වා ඉහළ දමා ඇත.

සෝමරත්න මහතා පැවසුවේ සාමාන්‍ය ප්‍රවේශපත් සහ වාර ප්‍රවේශපත් ගාස්තු ද වැඩි කිරීමේ අවදානමක් පවතින බවයි.
කෙසේ වෙතත් දුම්රිය ගාස්තු ඉහළ දැමීමට එරෙහිව වෘත්තීය සමිතියක් විරුද්ධ බව සදහන් කර තිබේ.

(Aruna)