Sunday, February 15, 2026
Follow Us
ඉන්ධන පෝලිම් අවසන් වන දිනය ගැන බලධාරීන් කියයි

තවත් දින දෙකකින් හෝ තුනකින් ඉන්ධන පෝළිම් අවසන් වනු ඇතැයි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ පවසනවා. රට තුළ ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බවට බලධාරීන් ප්‍රකාශ කළද ඊයේ රාත්‍රියේත් ඇතැම් ප්‍රදේශවල ඉන්ධන පෝළිම් දක්නට ලැබුණා.

ඒ පිලිබඳ කළ විමසීමකදී ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා පැවසුවේ තවත් මාසයකට ප්‍රමාණවත් ඉන්ධන තොග මේ වන විට ඇණවුම් කර ඇති බවයි. මේ වන විටත් පෙට්‍රල් සහ ඩීසල් නෞකා 03 ක් මෙරට මුහුදු සීමාවේ ඇති බවත් නෞකා දෙකකින් පෙට්‍රල් සහ ඩීසල් ගොඩබාමින් ඇති බවත් ඔහු පැවසුවා.

ඒ අනුව ඉදිරි දිනවලදී ප්‍රමාණවත් තොග ඉන්ධන පිරවුම්හල්වලට බෙදා හැරීමටයි නියමිතව ඇත්තේ. පෙර දිනවලට සාපේක්ෂව ඉන්ධන පෝළිම් අඩුවී ඇති බව සිදුකළ නිරීක්ෂණයකදී තහවුරු වූ බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ නෙත් නිවුස් වෙත පැවසුවා. අද දිනයේ වැඩි අවධානයක් ලබාදී ඇත්තේ වැඩි වශයෙන් ඩීසල් බෙදාදීමට බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ ඊයේ පැවසුවේ මේ වන විට මෙරට දෛනික ඉන්ධන පරිභෝජනය ,මෙට්ට්‍රික් ටොන් 8,500 ක් ඉක්මවා ගොස් ඇති බවයි.

(Neth)