Sunday, February 15, 2026
Follow Us
රාජ්‍ය වියදම් තවත් සීමා කිරීමට ආණ්ඩුවෙන් සැලසුමක්

ඉදිරියේදී රාජ්‍ය වියදම් තවදුරටත් සීමා කිරීමට සැලසුම් කර ඇතැයි සම කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රමේෂ් පතිරණ අද පැවසුවා. ඒ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින්.

මේ අතර ඉන්ධන, ගෑස් සහ විදුලි අර්බුදය ලබන සතිය වන විට විසඳෙනු ඇතැයි මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ ඊයේ රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ. එහිදී අමාත්‍යවරයා පවසා ඇත්තේ ඉන්දීය ණය මුදලින් ඉන්ධන මිල දී ගැනීමේ කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බවයි.

අත්‍යවශ්‍ය භාණ්ඩ, ඖෂධ සහ කර්මාන්ත සදහා අවශ්‍ය අමු ද්‍රව්‍ය ආනයනයට ද ණය මුදලක් ලැබී ඇතැයි අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර ඇති බව වාර්තා වනවා. ගෑස් ආනයනය සඳහා ඩොලර් ලබාදීමට මහ බැංකුව එකඟතාව පළකර ඇති බවයි මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ.

මේ අතර ඉන්දියාවෙන් ආනයනය කළ අත්‍යවශ්‍ය භාණ්ඩ අඩංගු කන්ටේනර් 1,237 ක් වරායෙන් නිදහස් කර ගැනීම සඳහා, අවශ්‍ය තොරතුරු මුදල් අමාත්‍යාංශය වෙත යවා ඇතැයි වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇති බවද සඳහන්.

(Neth)