“තෙල් මිල විශාල වශයෙන් අඩු වුණොත් අපි එය අඩු කරන්න ලෑස්තියි”
ඉදිරියේදී මෙරට ඉන්ධන මිල විශාල වශයෙන් අඩු කිරීමට හැකියාවක් ලැබිය හැකි බව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (22) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල අඩුවෙමින් පවතින බැවින් මෙරට ජනතාවට එහි වාසිය ලබාදිය හැකි බව අමාත්‍යවරයා සදහන් කරයි.
“තෙල් මිල අඩුවෙලා නෑ. තෙල් මිල වැඩි කිරීමේදී අපි ගණනය කළේ පෙබරවාරි මිල ගණන්. මාර්තු මාසයේ තමයි බැරල් එකක් මිල ඩොලර් 130 දක්වා වැඩි වුණේ. යුද්ධය නිසා. දැන් ඒක 98ට බැහැලා තියෙනවා.”
“නමුත් ඉදිරියේදී තෙල් මිල විශාල වශයෙන් අඩු වුණොත් අපි එය අඩු කරන්න ලෑස්තියි.”
“මේ මාසේ අවසන් වෙනකොට බොර තෙල් ලංකාවට ගෙන්වා ගැනීමට සාකච්ඡා කරගෙන යනවා. ටොන් 90,000ක නැවක් දෙකක් ගෙන්වා ගන්න පුළුවන් වෙයි. සිංහල අලුත් අවුරුද්දට තදබල තෙල් හිඟයක් ඇතිවෙන්නෙ නෑ.”
(Aruna)