සහල් සදහා පාලන මිලක් යළි නියම කරන්නැයි අද පැවැත්වෙන කැබිනට් මණ්ඩලයේ දී යෝජනා කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.
21 පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා පැවසුවේ ඒ අනුව නාඩු කිලෝවක් රුපියල් 145කට නොවැඩි මුදලකට ලබා දීමට හැකි වනු ඇති බවයි.
මීට පෙරද සහල් සදහා පාලන මිලක් රජය විසින් නියම කෙරුණ ද නැවතත් එය ඉවත් කිරීමටයි රජය කටයුතු කළේ.
මේ අතර, දියර කිරි නිෂ්පාදනය සම්බන්ධයෙන් ද කෘෂිකර්ම අමාත්‍යවරයා මෙහිදී අදහස් පල කළා. දියර කිරි නිෂ්පාදනය ඉහළ දැමීමට ව්‍යාපෘති සකස් කළද ඇතැම් රාජ්‍ය ආයතන ඊට සහය ලබා නොදෙන බවයි අමාත්‍යවරයා මෙහිදී චෝදනා කළේ.
මෙරට දෛනික දියර කිරි අවශ්‍යතාවය වන ලීටර් මිලියන 750න් මේ වන විට දේශීයව නිෂ්පාදනය කෙරෙන්නේ සියයට 40ක් පමණයි.
(Neth)