Sunday, February 15, 2026
Follow Us
සංචාරක ආයතනවලට ඇමතිගෙන් සහනයක්

සංචාරක ඇමති ගත් තීරණය


සංචාරක ආයතන සඳහා සංචාරක සංවර්ධන බද්ද ගෙවීමට සහන කාලයක් ලබාදීමට බලධාරීන් තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය යටතේ ලියාපදිංචි කර ඇති සංචාරක ආයතන සඳහා එම සහන කාලය ලබාදීමට තීරණය කර ඇති බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසුවේය.

ඒ අනුව, 2019 වසරේ අප්‍රේල් මස පළමුවනදා සිට 2021 වසරේ දෙසැම්බර් මස 31 වනදා දක්වා ගෙවිය යුතු හිඟ මුදල් ගෙවීම සඳහා වසර 02ක සහන කාලයක් ලබාදීමට සැලසුම්කර ඇත.

ඊට අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බව ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා පවසයි.

(Aruna)