Sunday, February 15, 2026
Follow Us
බස්නාහිර පළාත් අවසන් වාර විභාග ආරම්භ කරන දිනය

පාසල් අවසන් වාර විභාගය ගැන ගත් තීරණය


කල්දැමීමට සැලසුම් කර තිබු බස්නාහිර පළාත් පාසල්වල 9,10 සහ 11 ශ්‍රේණිවල වාර විභාග කටයුතු සාමාන්‍ය පරිදි පැවැත්වීමට පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සඳහා අවශ්‍ය කඩදාසි සපයා ගැනීමට මේ වනවිට හැකිවී ඇති බව බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රී ලාල් නෝනිස් මහතා පැවසුවේය.

ඒ අනුව බස්නාහිර පළාතේ සියලු පාසල්වල 9,10 සහ 11 ශ්‍රේණිවල සිසුන්ගේ වාර විභාග නියමිත කාලසටහනට අනුව මාර්තු 29 දින සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

ඊට අමතරව 6,7 සහ 8 ශ්‍රේණිවල සිසුන්ගේ වාර විභාග කටයුතු ද අද (21) දිනයේ සිට සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බව අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රී ලාල් නොනිස් මහතා සඳහන් කළේය.

(Aruna)