Sunday, February 15, 2026
Follow Us
බූස්ටර් මාත්‍රාව යළි ආනයනයත් කල්යයි

මෙරට තුළ මේ වනවිට පවතින කොවිඩ් මර්දන එන්නතේ 03 වන මාත්‍රාව සඳහා භාවිත කරන එන්නත් තොග අවසන් වුවහොත් එම එන්නත් තොග යළි ආනයනය සඳහා කාලයක් ගතවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

එබැවින් මෙතෙක් බූස්ටර් මාත්‍රාව නොගත් පුද්ගලයින් වේ නම් ඔවුන් හැකි ඉක්මනින් එම මාත්‍රාව ලබාගත යුතු බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛi හේමන්ත හේරත් පැවසුවේ.

බූස්ටර් මාත්‍රාව ලබාගැනීම සඳහා මේවනවිට ජනතාව තුළ දැඩි උනන්දුවක් පවතින බව ද විශේෂඥ වෛi හේමන්ත හේරත් වැඩිදුරටත් සඳහන් කළා.

(Neth)