Sunday, February 15, 2026
Follow Us
රුපියලේ වෙනස නිසා විදුලිබිල වැඩි කිරීමේ යෝජනාවලිය සංශෝධනය කෙරේ

විදුලිබිල වැඩි කිරීම සදහා ලංකා විදුලිබල මණ්ඩලය සකස් කරන ලද සංශෝධිත යෝජනාවලියක් ලබන සතියේ දී ලැබීමට නියමිත බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා.

එහි සභාපති ජනක රත්නායක නෙත් නිවුස් කළ විමසීමකදී කියා සිටියේ විදුලි බිල වැඩි කිරීමට අදාළ යෝජනාවලියක් ලංකා විදුලි බල මණ්ඩලය පසුගියදා සිය කොමිසම වෙත ලබා දුන් බවයි. එම යෝජනා සිය කොමිසම මගින් මේ වන විට ඇගයීමට ලක් කරමින් සිටින බවයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා කියා සිටියේ.

කෙසේ වෙතත් රුපියල පා කරමින් විනිමය අනුපාත නිදහසේ තීරණය වීමට මහ බැංකුව ගත් තීරණයත් සමග සිදුව ඇති වෙනස්කම් හේතුවෙන් තවත් සංශෝධන කිහිපයක් ලංකා විදුලි බල මණ්ඩලය මගින් යොමු කිරීමට නියමිත බවද ඔහු කියා සිටියා. පිරිවැය මත පදනම් වූ ගාස්තු ක්‍රමයක් ඉදිරියෙදී හදුන්වාදෙන බවයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කළේ.

(Neth)