වාර විභාගයට කඩදාසි හා අමුද්‍රව්‍ය හිඟයෙන් බාධා
බස්නාහිර පළාතේ පාසල්වල අවසන් වාර විභාගය පැවැත්වීමට කඩදාසි හා අමුද්‍රව්‍ය හිඟයෙන් බාධා මතුව තිබේ.
බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රී ලාල් නෝනිස් මහතා පැවසුවේ එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් 09, 10 සහ 11 ශ්‍රේණිවල වාර විභාග කල් දැමීමට සහ හැකිනම් පමණක් ප්‍රාථමික ශ්‍රේණිවල වාර විභාග පාසල් මට්ටමින් පැවැත්වීමට කටයුතු කරන ලෙස විදුහල්පතිවරුන්ට දැනුම් දුන් බවයි.
එමෙන්ම 6, 7, 8, ශ්‍රේණි සඳහා වර්ෂ අවසාන ඇගයීම් සංශෝධනය කිරීමට උපදෙස් ලබා දී තිබේ.
4, 9, 10 හා 11 ශ්‍රේණි වර්ෂ අවසාන ඇගයීම් අප්‍රේල් නිවාඩුවෙන් පසු පැවැත්වීමට බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
එසේ පැවැත්වීමට අපහසු පාසල් සඳහා ප්‍රශ්න පත්‍ර සහ කාලසටහන් පාසල් මට්ටමින් සකස් කරගෙන විභාගය පැවැත්වීමට හැකි වේ.
(Aruna)