ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන හැටි මෙතනින්
අද (19) දිනයේදී ද විදුලි කප්පාදුවක් සිදුවන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
විදුලි ජනනය සදහා ප්‍රමාණවත් ඉන්ධන නොමැතිවීම නිසා සෙනසුරාදා දිනයේදී ද විදුලිය කප්පාදු කරන බව එම මණ්ඩලය සදහන් කළේය.
A සිට L දක්වා කලාප 12 ට පැය තුනයි විනාඩි 45 ක් විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය සදහන් කරයි.
P සිට W දක්වා කලාප අටකට හෙට පැය 3 ක් විදුලිය කප්පාදුවක් සිදුකෙරෙනු ඇත.
A සිට L කලාප 12 කට පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා දහවල් කාලයේ පැය 2 යි විනාඩි 30 ද, පස්වරු 6.00 සිට රාත්‍රී 11.00 දක්වා පස්වරුවේ පැයයි විනාඩි 15 ක් ද, විදුලිය කප්පාදුව සිදුකෙරෙනු ඇත.
P සිට W දක්වා කලාප අටට පෙරවරු 10.00 සිට පස්වරු 4.00 දක්වා දහවල් කාලයේ පැයයි විනාඩි 30 ක් ද, පස්වරු 4.00 සිට රාත්‍රී 10.00 දක්වා පස්වරු කාලයේ පැයයි විනාඩි 30 ක් ද,විදුලිය කප්පාදුව සිදු කිරීමට නියමිතයි.
අද විදුලිය කප්පාදු කරන සම්පූර්ණ කාලසටහන
(Aruna)