ඉන්ධන අර්බුදය තවත් වැඩිවෙයි
බොරතෙල් නොමැතිවීම හේතුවෙන් සපුගස්කන්ද පිරිපහදුව හෙට (20) රාත්‍රියේ සිට යලි වසා දමන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
සමාගම් කිහිපයකින් මේ වනවිට බොරතෙල් ඇණවුම් කර ඇති බවත් අදාළ ඇණවුම් ලැබෙන නිශ්චිත දිනයක් මෙතෙක් ප්‍රකාශ වී නොමැති බවත් එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
කෙසේ වෙතත් ඇණවුම් ලද විගස පිරිපහදුවේ මෙහෙයුම් යළි ආරම්භ කරන බව ද, ලංකා ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කළේ ය.
(Aruna)