Sunday, February 15, 2026
Follow Us
යල කන්නයට අවශ්‍ය කාබනික පොහොර බෙදාදීම ඇරඹේ

යල කන්නයට අවශ්‍ය කාබනික පොහොර ගොවීන් වෙත බෙදාදීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇතැයි කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා පවසනවා. ඔහු කියා සිටියේ රසායනික පොහොර ආනයනය කිරීමට ද පෞද්ගලික අංශය බාධාවක් නොමැති බවයි.

කෙසේවෙතත් සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පැවසුවේ යල කන්නයේ අස්වැන්න එන තුරු රටේ වී හිඟයක් ඇතිවීමේ අවදානමක් ඇති බවයි.

එහෙත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා පැවසුවේ යල කන්නයේ වී වගාව සාර්ථක වනු ඇතැයි දැඩි විශ්වාසයක් පවතින බවයි.

නෙත් නිවුස් ඊයේ අනාවරණ කළේ අද වන විට වී මිල ගණන් ද ඉතිහාසයේ පෙර නොවූ විරූ ලෙස ඉහළ ගොස් ඇති බවයි. නාඩු වී කිලෝවක මිල අද වන විට රුපියල් 110 ක මට්ටමක් දක්වා ඉහළ ගොස් තිබීම ද කැපී පෙනෙන තත්ත්වයක්.

(Neth)