දිනකට ගෘහස්ථ ගෑස් සිලින්ඩර 120,000ක් පමණ වෙළඳපොලට
දිවයින පුරා ප්‍රදේශවලට ගෑස් බෙදා හැරීමේ කටයුතු අද සිදුකරන බව ලිට්රෝ සමාගම පවසනවා.
එම සමාගම සඳහන් කළේ දිනකට ගෘහස්ථ ගෑස් සිලින්ඩර 120,000ක් පමණ වෙළඳපොලට නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවයි.
ඒ අනුව ඉදිරි දින කිහිපය තුල පවතින ගෑස් හිඟ තත්වය ක්‍රමයෙන් පහව යනු ඇති.
කොළඹ වරායට ආසන්න මුහුදේ නැංගුරම්ලා තිබූ නෞකාවේ අන්තර්ගත ගෑස් මෙටි්‍රක් ටොන් 3500ක තොගයක ගොඩබෑමේ කටයුතු ඊයේ පස්වරුවේ ආරම්භ කෙරුණා.
ඒ ගෑස් ආනයනය කළ ඕමාන් සමාගමට ගෙවිය යුතු අමෙරිකානු ඩොලර් මිලියන 8ක මුදල ගෙවීමට රජය පියවර ගැනීමත් සමගයි.
(Aruna)