Sunday, February 15, 2026
Follow Us
සෞඛ්‍ය අංශ වෙතින් ජනතාවට මතක් කිරීමක්

කොරෝනා වෛරසය ව්‍යාප්තවීම පාළනය කිරීමේදී අත්කරගෙන ඇති සාර්ථකත්වය ඉදිරියට ගෙන යාම සඳහා ඉදිරි කාල සීමාව තුළ ජනතාව වඩාත් සෞඛ්‍යාරක්ෂිතව කටයුතු කළ යුතු බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේ සාප්පු සවාරි, විරෝධතා හෝ ජනතාව එක්රැස්වන ඕනෑම ස්ථානයකදී සෞඛ්‍ය පිලිවෙත් පිළිබඳ වැඩි අවධානයකින් කටයුතු කළ යුතු බවයි.

එළඹෙන උත්සව සමයේ කොරෝනා වෛරසය පැතිරයාම පාළනය කර ගැනීමට නම් ජනතාව දැන් සිටම ආරක්ෂාකාරීව කටයුතු කළ යුතු බවයි මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.

(Neth)