Sunday, February 15, 2026
Follow Us
ජනපති අද රෑ ජාතිය අමතයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද ජාතිය ඇමතීමට නියමිතයි. රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් එහිදී ජනාධිපතිවරයා විසින් ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කරනු ඇති බවයි වාර්තා වන්නේ.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ ජනාධිපතිවරයා රාත්‍රී 08 යි 30 ට ජාතිය අමතන බවයි. ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශය විනාඩි 15 කට සීමා වන බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවා. ජනාධිපතිවරයා ජාතිය අමතා සිදුකරන විශේෂ ප්‍රකාශය නෙත් එෆ් එම් රේඩියෝව ඔස්සේද ප්‍රචාරය කිරීමට කටයුතු කර තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් ද ඊයේ දිනයේදී ජනාධිපතිවරයා මුණ ගැසුණා. එහිදී අවධානය යොමුවූ කරුණු සම්බන්ධයෙන් ද අද දිනයේ ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත්කරනු ඇති බවයි වාර්තා වන්නේ.

(Neth)