Sunday, February 15, 2026
Follow Us
IMF සහයෝගය ගන්න කැබිනට් මණ්ඩලයේ එකඟතාව

පවතින මූල්‍ය අර්බුදයට විසදුම් සොයාගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීමට ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලය ප්‍රතිපත්තිමය එකඟතාව පළ කළ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ පවසනවා.

ඒ අනුව රටේ ඉදිරිය සම්බන්ධයෙන් සාකච්ඡා කර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අවශ්‍ය සහයෝගය සහ උපදෙස් ලබාගනු ඇති බවයි ඔහු පැවසුවේ.

මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් කළාප අධ්‍යක්ෂවරයා අද දිනයේ ජනාධිපතිවරයා මුණ ගැසීමට නියමිතයි. ඔහු ඊයේ දිනයේ මුදල් අමාත්‍යවරයා ද මුණ ගැසුණා.

(Neth)