ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා පත්කෙරුණු ආර්ථික සභාවට විශේෂඥ උපදෙස් ලබාදීම සඳහා ආර්ථික උපදේශන කමිටුවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කර ඇති බව වාර්තා වේ.
මෙම උපදේශක කමිටුවට විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්, ආචාර්යවරුන්, දිවයිනේ ප්‍රමුඛ පෙළේ ආර්ථික විශේෂඥයින් සහ ප්‍රමුඛ ව්‍යාපාරිකයින් ඇතුළු පිරිසක් නම් කර ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.
ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් යුත් ආර්ථික සභාව අද (15) රැස්වීමට නියමිත අතර එම රැස්වීමට මෙම උපදේශක කමිටු සාමාජිකයින් ද සහභාගී වීමට නියමිත බවත් වාර්තා විය.
(LNW)