මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් නිවේදනයක්
අද උදෑසන 08.00 සිට රාත්‍රි 11.00 දක්වා කාලය තුළ මෙම විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතය.
A,B,C,D,E,F,G,H කලාප සඳහා පෙරවරු 08.00 සිට සවස 06.00 දක්වා කාලය තුළ පැය දෙකයි මිනිත්තු 30ක් විදුලිය විසන්ධි කිරීමට සැලසුම් කර තිබේ.
එම කලාපවලට සවස 06.00 සිට රාත්‍රි 11.00 දක්වා කාලය තුළ පැයයි මිනිත්තු 15ක කාලයක් ද විදුලිය විසන්ධි කෙරෙනු ඇත.
එමෙන්ම හෙට උදෑසන 9.00 සිට සවස 05.00 දක්වා කාලය තුළ P,Q,R,S,T,U,V,W යන කලාප සඳහා පැය දෙකක විදුලි කප්පාදුවක් සිදුකරන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේය.
එමෙන්ම එම කලාපවලට සවස 5 සිට රාත්‍රි 9 දක්වා කාලය අතරතුර පැයක විදුලි කප්පාදුවක් ද සිදුකෙරෙනු ඇත.
(Aruna)