Sunday, February 15, 2026
Follow Us
විදුලි බිල වැඩිකරන මිල සකස් කෙරේ

ලංකා විදුලිබල මණ්ඩලයේ තීරණය


විදුලි බිල කඩිනමින් වැඩි කළ යුතු බව ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර ඇත.

අධ්‍යක්ෂ මණ්ඩල තීරණය විදුලිබල අමාත්‍යාංශයට දැනුම් දී ඇති අතර මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතිය සඳහා යොමු කරන ලෙස අමාත්‍යාංශය උපදෙස් ලබාදී ඇත. කෙසේ වෙතත් විදුලිබිල වැඩි කළ යුතු මිල ගණන් වාර්තාව මේ වන විට ලංකා විදුලිබල මණ්ඩලය සකස් කරන බවද අනාවරණය වෙයි.

කෙසේ වෙතත් විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය ප්‍රකාශ කළේ රුපියල් දෙකයි ශත පනහක් වන ඒකකයක් රුපියල් පහළොවක් දක්වා වැඩි කිරීමට යෝජනා වී ඇති බවයි. විදුලි බල මණ්ඩලය ඩීසල් ලබා ගැනීම සඳහා ගෙවිය යුතු මුදල් මෙන්ම වෙනත් ගෙවීම් රුපියල් කෝටි 4000 ඉක්මවා ඇති බවද සංගමයේ කැඳවුම්කරු සංජීව ධම්මික කියා සිටියේය.
හදිසි විදුලිය මිලදී ගැනීම් සඳහා ද අනුමැතිය ලැබී ඇති අතර මෙගාවොට් 200ක් ඒ අනුව මිලදී ගැනීමට නියමිතය.

(Aruna)