අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව රුපියල් 17 ක්ව පැවැති අවම බස් ගාස්තුව රුපියල් 20 ක් දක්වා ඉහළ දැමූ බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසුවේ.
මෙතෙක් උපරිම බස් ගාස්තුව වූ රුපියල් 1,303, රුපියල් 1,498 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අවස්ථා 350 ක් යටතේ රුපියල් විස්සේ සිට රුපියල් 1,498 ක් දක්වා මෙහිදී ගාස්තු සංශෝධනය කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසුවා.
මෙලෙස බස් ගාස්තු වැඩි කිරීමට ප්‍රධාන හේතුව වූයේ ඉකුත්දා සිදුකළ ඉන්ධන මිල වැඩි කිරීමයි. එහිදී ඔටෝ ඩීසල් ලීටරයක මිල ඉහළ දැමුණේ රුපියල් 55 කින්. ඒ අනුව ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 176 ක් දක්වා ඉහළ ගියා. ලංකා IOC සමාගම ද ඩීසල් ලීටරයක් රුපියල් 75 කින් ඉහළ දැමූ අතර ලංකා IOC ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 214 ක්.
(Neth)