Sunday, February 15, 2026
Follow Us
දුම්රිය මගීන්ට කොන්ඩම් පහසුකම්

දුම්රිය ස්ථානවලට අඩුපාඩුවක්ව තිබුණු මැෂිමක් සවි වෙයි


රට පුරා දුම්රිය ස්ථාන කිහිපයක ස්වයංක්‍රිය කොන්ඩම් යන්ත්‍ර සවි කිරීම සඳහා වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ.

ශ්‍රී ලංකා දුම්රිය සේවය හා ජාතික ලිංගාශ්‍රිත රෝග ඒඩ්ස් මර්දන වැඩසටහන එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.

ඒ අනුව කොළඹ, ගාල්ල, මහනුවර, ගම්පහ, කුරුණෑගල ඇතුළු ප්‍රධාන දුම්රිය ස්ථාන රැසක මෙම යන්ත්‍ර ස්ථාපිත කිරීමට නියමිතව තිබේ.

දුම්රිය මගීන්ගේ අවශ්‍යතාවයන් මත මෙම කොන්ඩම් යන්ත්‍ර දුම්රිය මඟින්ට පහසුවෙන් ලබා ගත හැකි වන පරිදි සවි කරනු ලැබේ.

(Aruna)