Sunday, February 15, 2026
Follow Us
IMF රජයට ලබාදුන් යෝජනා මාලාව

සියලු බදු අනුපාත ඉහළ නංවන්නැයි නිර්දේශයක්

ආදායම් බදු සහ එකතු කළ අගය මත බදු අනුපාත ඉහළ නංවන්නැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුව රජයට නිර්දේශ කර ඇති බව වාර්තා වේ .

ශ්‍රී ලංකාවට පැමිණි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටු සාමාජිකයන් ඉකුත් මාස දෙකේ කළ සාකච්ඡාවල වර්තාවක් රජයට ලබා දී ඇති බව වාර්තා වේ.

එමගින් නිර්දේශ මාලාවක්ද රජයට යෝජනා කරඇති අතර බදු නිදහස් කිරීම් අවම කිරීමටත් ආදායම් පරිපාලනය ප්‍රතිසංස්කරණය කිරීමටත් එම නිර්දේශ මගින් යෝජනා කර තිබේ.

සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය ස්ථාවරත්වය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා උපායමාර්ග කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස යෝජනා කර ඇත.

රාජ්‍ය ව්‍යවසායයන් ප්‍රතිසංස්කරණය කරන ලෙසත්, පිරිවැය ආවරණය වන පරිදි බලශක්ති මිල ගණන් වැඩි කරන ලෙසත් එම කමිටුව රජයට නිර්දේශ කර තිබේ.

ඉහළ යන උද්ධමනය පාලනය කිරීම සඳහා දැඩි මූල්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන කරන්නැයි ද යෝජනා කර ඇත .

ජාත්‍යන්තර සංචිත නැවත ගොඩනැංවීම සඳහා වෙළඳපොළ විසින් තීරණය කරනු ලබන නම්‍යශීලී විනිමය අනුපාතිකයකට නැවත යොමුවන ලෙස ද කමිටුව යෝජනා කර ඇත .

(Aruna)