මෙරට ක්‍රියාත්මක කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ ජනතාව එන්නත් කිරීම සඳහා ස්ථාපිත කර ඇති පැය 24 පුරා ක්‍රියාත්මක එන්නත්කරණ මධ්‍යස්ථාන හා විශේෂ එන්නත්කරණ මධ්‍යස්ථාන අඛණ්ඩව පවත්වාගෙන යාම ප්‍රායෝගික නොවන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා.
ඔහු ඒ බව පැවසුවේ කොරෝනා මර්දන එන්නත්කරණ මධ්‍යස්ථාන වසාදමන දිනයක් සම්බන්ධයෙන් තීරණයක් ගෙන ඇත්දැයි නෙත් නිවුස් කළ විමසීමකදීයි.
මෙරට ඉලක්ක ගත ජනගහනයෙන් සියයට 70 ක් පමණ තවමත් බූස්ටර් මාත්‍රාව ලබාගෙන නොමැති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.
මෙරට ජනතාව සඳහා කොරෝනා මර්දන එන්නතේ සිව්වන මාත්‍රාවක් ලබාදීමේ සැලසුමක් ඇත්ද? මේ, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ඊට දැක්වූ ප්‍රතිචාරයයි.
මෙරට කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ දිනයේ බූස්ටර් මාත්‍රාව ලබාගෙන තිබුණේ පුද්ගලයින් 15,030 දෙනෙකු පමණයි.
(Neth)