ඇමති නාමල්ගෙන් ඉල්ලීමක්
විනෝද සැණකෙළි සහ සංගීත සංදර්ශන සඳහා ක්‍රීඩාංගණ ලබාදීමෙන් වැළකී සිටින ලෙස අදාළ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
රුපියල් කෝටි ගණනක ජනතා මුදල් යොදවා ක්‍රීඩාංගණ නිර්මාණය කළද සංගීත සංදර්ශන වැනි දේ තුළින් ඒවා විනාශ වන වැඩකටයුතු සිදුවන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
දෙහිවල ඇස්. ද ඇස්. ජයසිංහ ක්‍රීඩාංගණයේ ගෘහස්ත ක්‍රීඩා සංකීර්ණය විවෘත කිරීම හා ඉදිකිරීමට යෝජිත පිහිනුම් තටාකය සඳහා මුල්ගල් තැබීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.
ඉදිරියේදී මෙම තත්ත්වය වෙනස් විය යුතු අතර ක්‍රීඩා ආර්ථිකයක් සේම ක්‍රීඩා සංස්කෘතියක් බිහි කිරීම තම ඉලක්කය බවද ඔහු කියා සිටියේය.
මේ අතර ඉදිරියේදී විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම පිළිබඳව විශ්වවිද්‍යාල සිසුන් සහ බලධාරීන් සමග සාකච්ඡා සිදුකළ යුතු බවද නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා සඳහන් කරයි.
(Aruna)