Sunday, February 15, 2026
Follow Us
කොරියාවේ මිනිස්සු රට ගොඩගන්න කනකරත් දුන්නා. අපේ මිනිස්සු බැන බැන ඉන්නවා – ඇමති සී.බී

රජයක් වශයෙන් කුමක් කළත් ඊට හොඳක් කියන ජනතාවක් මේ රටේ නොමැති බව වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී. බී. රත්නායක මහතා පවසයි.

“අපට හොඳයි කියන මිනිස්සු නැහැනෙ කෝකදිවත්. රජයක් බලයට පත්වුණාට පස්සෙ ඒ රජය පාලනය කරන තැනදි කවදාවත් සුබවාදී ලකුණු එන්නෙ නෑනෙ. අමතක කරන්න එපා කොරියාව රට ආර්ථික වශයෙන් බංකොළොත් වෙද්දී කොරියාවේ රටේ ජනතාව ඒ වෙලාවෙ තමන්ගේ කනකර දුන්නා බැංකුවට, රට ගොඩගනිං කියලා”

අමාත්‍ය සී. බී. රත්නායක මහතා මේ බව පැවසුවේ ඊයේ (10) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

(LNW)