සා/පෙළ ලියපු සිසුන්ට විශේෂ පණිවුඩයක්
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2020 විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ සහිත විෂයයන් සඳහා ප්‍රතිඵල නැවත සමීක්ෂණට අයදුම්පත් කැඳවීම මාර්ගගත ක්‍රමය ඔස්සේ (ඔන්ලයින්) පමණක් සිදු කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
2022.03.10 දින සිට 2022.03.18 දින දක්වා ඊට අදාළ අයදුම්පත් කැඳවනු ලබන බව දැනුම්දෙයි.
ඒ අනුව නැවත සමීක්ෂණය සඳහා පහත ක්‍රම ඔස්සේ අයදුම් කළ හැකි බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
(Aruna)