කැබිනට්ටුව ගත් තීරණය
විගමනික ශ්‍රමිකයින් මෙරටට එවනු ලබන අමෙරිකානු ඩොලරයක් වෙනුවෙන් දැනට ගෙවනු ලබන රුපියල් 10ක දිරි දීමනාව රුපියල් 38 දක්වා වැඩි කිරීමට කැබිනට් අනුමැතියි හිමිව තිබේ.
එළඹෙන අවුරුදු සමයේදී ශ්‍රී ලංකාවට ප්‍රේෂණ දිරිමත් කිරීම – විගමණික ශ්‍රමිකයන් දිරිමත් කිරීම සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට වැඩි ආර්ථික ප්‍රතිලාභ ලබාදීම පිණිසයි මෙම යෝජනාව ගෙන ඇත.
ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලැබෙන ප්‍රධාන මුලාශ්‍රයක් වන විදේශ රැකියා ක්ෂේත්‍රය මගින් වාර්ෂිකව මෙරටට ප්‍රේෂණය කරනු ලබන විදේශ විනිමය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 7ත් 8ත් අතර අගයකට ආසන්න ය.
එය තවත් දිරිමත් කිරීම සඳහායි ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී මෙලෙස ඩොලරයක් සඳහා තවත් අමතර රුපියල් 28 ක මුදලක් ගෙවීමට තීරණය කර ඇත.
(Aruna)