අද දිනයේද, ඊයේ දිනයේ මෙන් “ඊ” සහ “එෆ්” යන කාණ්ඩවලට පැය හතහමාරක සහ සෙසු කලාප අටට පැය තුනක විදුලි කප්පාදුවක් සිදුකරන බව විදුලිබල මණ්ඩලය පවසනවා.
ඒ අනුව “ඊ” සහ “එෆ්” යන කලාපවලට පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා දහවල් කාලයේ පැය 5 ක් ද, පස්වරු 6.00 සිට රාත්‍රී 11.00 දක්වා පැය 2 යි විනාඩි 30 ක් ද, විදුලිය කප්පාදු කරනු ඇති. සෙසු කලාපවලට පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා පැය දෙකක් ද, පස්වරු 5.00 සිට රාත්‍රී 9.00 දක්වා පැයක් ද, විදුලිය කප්පාදු කරන බවයි විදුලිබල මණ්ඩලය පැවසුවේ.
මේ වන විට සිදුකරන දෛනික විදුලි කප්පාදුවට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ ජල විදුලි උත්පාදනය අවම වීම සහ විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීමයි.
(Neth)