ලංකා ගමනාගමන මණ්ඩලයෙන් දැනුම්දීමක්
අද දිනයේ පාසල් ආරම්භයත් සමග සිසු සැරිය බස් රථ සම්පූර්ණ ප්‍රමාණයම ධාවනය කරවීමට කටයුතු යොදා ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය විසින් දැනුම් දී තිබේ.
මේ සම්බන්ධයෙන් ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ධාවන පණ්ඩුක ස්වර්ණහංස මහතා පැවසුවේ ඒ සම්බන්ධයෙන් සියලු ඩිපෝ කළමානාකරුවන් දැනුවත් කර ඇති බවයි.
ලංගම බස් රථ ධාවනයට අවශ්‍ය ඉන්ධන තොග ඩිපෝ සතු බවද ඒ මහතා දැනුම් දෙයි.
ඊට අමතරව ඩිපෝ හරහා පෞද්ගලික බස් රථවලට ඩීසල් ලබා දීමේ වැඩපිළිවෙල යටතේ පෞද්ගලික බස් රථ බොහොමයකට ඉන්ධන ලබා දීම සිදුකළ බවයි ඔහු වැඩිදුරටත් සදහන් කරයි.
(Aruna)