Sunday, February 15, 2026
Follow Us
අද විදුලිය කප්පාදු කෙරෙන කාලයත් ප්‍රදේශ ගණනත් අඩු කෙරෙයි

අද (06) දිනයේදී කලාප කිහිපයකට පමණක් පැය 02.30 ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම අවසර ලබාදී තිබේ.

ඒ අනුව A, B, C යන කලාප සඳහා පමණක් පෙරවරු 09.00 – පස්වරු 04.30 අතර කාලය තුළ පැය 02.30 ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙනු ඇති බවයි එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ.

අද ඉරිදා දිනයක් වීම හේතුවෙන් විදුලි ඉල්ලුම අඩුවීමක් අපේක්ෂා කරන නිසා සෙසු කලාප වලට විදුලි කප්පාදුවක් සිදු නොවනු ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

(LNW)