Sunday, February 15, 2026
Follow Us
අදත් පැය දෙකහමාරක විදුලි කප්පාදුවක්

වැඩිපුර ලයිට් කැපුවොත් කියන්න – මහජන උපයෝගිතා කොමිසම


නියමිත කාලය ඉක්මවා විදුලිය කප්පාදුවක් සිදු වේ නම් ඒ පිළිබඳව වහා පැමිණිලි කරන ලෙසට මහජන උපයෝගිතා කොමිසම දැනුම් දී තිබේ.

එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ අදාළ ප්‍රදේශය සහ විදුලිය කප්පාදුව සිදුවූ වේලාවන් නිවැරදිව සඳහන් කර පැමිණිල්ල යොමු කළ යුතු බවයි.

මේ අතර අද දිනයේත් රාත්‍රී කාලයේ විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.

ඒ – බී සහ සී කාණ්ඩවලට දිවා කාලයේ පැය දෙකහමාරක විදුලි කප්පාදුවක් සිදුවන අතර අනෙකුත් කලාපවලට අද දිවා කාලයේදී හෝ විදුලි කප්පාදුවක් සිදු නොවනු ඇති.

අද (27) විදුලිය කප්පාදුව සිදුකෙරෙන ස්ථාන සහ වේලාව මෙතනින්

(Aruna)