Sunday, February 15, 2026
Follow Us
ඩොලර් අර්බුදය සිය රජයේ වරදක් නිසා නොවේ - ජනපති කියයි

රට පාලනයේදී ජනතාවගේ නිදහස සහ අපේක්ෂා තහවුරු කෙරෙන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයෙන් බැහැර නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. එහෙත් ලැබෙන නිදහස වැරදි ලෙස භාවිත නොකරන්නැයි සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගනයේ, අද පැවති මහවැලි රන්බිම ඔප්පු ලක්ෂයක් බෙදීමේ වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා.

රන්බිම ඔප්පු ලක්ෂයක් බෙදීමේ මෙම වැඩසටහනේ පළමු අදියර යටතේ නිරවුල් කළ ඔප්පු 35,000 ක් මහවැලි කළාප 10 ක ගොවිජනතාව වෙත ප්‍රධානය කෙරෙනවා. ලබන වසර අවසන්වීමට පෙර මහවැලි ප්‍රදේශවල වෙසෙන ගොවිජනතාවගේ සියලුම ඉඩම් ඔප්පු බෙදා අවසන් කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

ඉඩමේ නීත්‍යානුකූල අයිතිය ලැබීමෙන් පවුලේ සාමාජිකයින්ට උරුමය පැවරීම, සුරැකුමක් ලෙස මූල්‍ය ආයතන සමඟ ගණුදෙනු කිරීමේ හැකියාව ඇතුලු අවස්ථා රැසක් ඔප්පු හිමිකරුවන්ට උදා වනවා.

රන් බිම ඔප්පු ප්‍රධානය සංඛේතවත් කරමින් 30 දෙනෙකු සඳහා ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතින් ඔප්පු ප්‍රධානය කිරීමද එහිදී සිදුවුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද එහිදී අදහස් පළ කළා.

 

(Neth)