නීත්‍යානුකූලව ලබා දුන් අවසරය
බීර හා වයින් විකිණීමට අවසර නොතිබූ තැන් කිහිපයකට ඒ සඳහා නීත්‍යානුකූල අවසරය ලබාදීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
සංචාරකයන් සඳහා ආහාර පාන සහ නවාතැන් සැපයීම පිණිස ව්‍යාපාර ලියාපදිංචිය ලබාගෙන ඇති ආපන ශාලා, හෝටල සහ ආගන්තුක නිවාස සඳහා බීර හා වයින් විකිණීමට බලපත්‍ර ලබාදීමට බලාපොරොත්තු වන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
මෙම නව ක්‍රමවේදය මගින් දැනටමත් බලපත්‍ර රහිතව සංචාරකයන් සඳහා මත්පැන් විකිණීම සිදුකරන ආපන ශාලා, හෝටල සහ ආගන්තුක නිවාස නීතිමය රාමුවට ඇතුළත් කරගැනීම මගින් එම ස්ථාන හිමියන් මෙන්ම සංචාරකයන් ද මුහුණ දෙන අනපේක්ෂිත පීඩාවන් අවම වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
(Aruna)