Sunday, February 15, 2026
Follow Us
යල කන්නයට අවශ්‍ය පොහොර ලබාදීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම්

ගොවියන්ට සුබ පණිවිඩයක්


යල කන්නයට අවශ්‍ය පොහොර ලබාදීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

කෘෂිකර්ම කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ පළමු රැස්විමට 25 සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

අමාත්‍යවරයා එහිදී පැවසුවේ පොහොර ලබාදීමට අවශ්‍ය යාන්ත්‍රණය සකස් කරන බවයි.
වෙළෙඳපොළ තුළ පැවති පොහොර තොග වැඩි මිලට අළෙවි කිරීමට වෙළෙඳුන් කටයුතු කර ඇති බවත් එසේ කරන වෙළෙඳුන්ගේ ලියාපදිංචි බලපත්‍රය ඉදිරියේදී තහනම් කිරීමට පියවර ගන්නා බවත් කෘෂිකර්ම අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

(Aruna)