Sunday, February 15, 2026
Follow Us
නවතම ඉන්ධන මිල ගණන් මෙන්න

IOC ඉන්ධන මිල යළි ඉහළට


ලංකා අයි.ඕ.සී සමාගම සිය ඉන්ධන මිල ගණන් ඉහළ නංවා තිබේ.

ඊයේ (25) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි එම සමාගම ඉන්ධන මිල ගණන් ඉහළ නංවා ඇත.

ඒ අනුව එම සමාගම පවසන්නේ, පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ නංවා ඇති බවය.

එමෙන්ම ඩීසල් ලීටරයක් 15කින් ඉහළ නංවා ඇති බව එම සමාගම සඳහන් කරයි.

ලංකා අයි.ඕ.සී සමාගම විසින් පසුගිය 06 වනදා ද ඉන්ධන මිලගණන් ඉහළ දැමූ අතර මෙම මාසය තුළ දෙවරක් ඔවුන් විසින් ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබේ.

(Aruna)