සේවයේ යෙදී සිටියදී සිදුවන හදිසි අනතුරු හේතුවෙන් අගතියට පත්වන සේවකයින්ට ලබා දෙන වන්දි වැඩි කිරීම සඳහා වන කම්කරු වන්දි සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම් වනවා. ඒ, ඊට කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය හිමිවීමත් සමගයි.
සේවයේ යේදී සිටියදී සිදුවන හදිසි අනතුරු හේතුවෙන් අගතියට පත්වන සේවකයින්ට මරණයකදී හෝ පූර්ණ බෙලහීනතාවකදී දැනට ගෙවන උපරිම වන්දි මුදල රුපියල් පන්ලක්ෂ 50,000ක්. එම වන්දි මුදල රුපියල් විසි ලක්ෂයක් දක්වා වැඩි කිරීමට නව පනත් කෙටුම්පත මගින් සංශෝධන ඉදිරිපත් කර තිබෙනවා.
එමෙන්ම දැනට රැකියා අවස්ථාවේදී පමණක් වන්දි ගෙවීම සඳහා ඇති ප්‍රතිපාදනය, රැකියා ස්ථානයට එන සහ යන අවස්ථා ඇතුළත් කොට අර්ථ නිරූපණය වඩාත් පුළුල් කිරීමද එම සංශෝධනය මගින් සිදුවනවා.
(Neth)