Sunday, February 15, 2026
Follow Us
දින පහක් සීමිත තොග නිකුත් කළේ. රටේ ඩීසල් හිඟයක් තියෙන බව ඇත්තයි – ගම්මන්පිල

පසුගිය දින පහක් තුළම ඉන්ධන පිරවුම්හල් වෙත නිකුත් කරන ලද්දේ සීමිත ඩීසල් තොග බැවින් රට පුරා ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් හිඟයක් පවතින්නේ යැයි පිළිගන්නා බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

“අපේ අපනයන ආදායමෙන් 50% කට වැඩි ප්‍රමාණයක් ඉන්ධන සඳහා වැයකරන්න සිදුවීම මත ඉන්ධන ආනයනය කිරීම අභියෝගයක් බවට අද පත්වෙලා තියෙනවා. ඊයෙ පැවති හදිසි අමාත්‍ය මණ්ඩල රැස්වීම අතරතුරදී භාණ්ඩාගාර ලේකම්තුමා ලංකා බැංකුවට අවශ්‍ය උපදෙස් දීලා ඩීසල් නැවක් නිදහස් කළා, මේ වනවිට ඒ ඩීසල් ගොඩබෑම ආරම්භ කරලා තිබෙනවා. තව පෙට්‍රල් නැවක් මුහුද මැද තිබෙනවා. ඊයෙ පැවති විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගරු මුදල් අමාත්‍යතුමා මෙයටත් අවශ්‍ය කරන විදේශ විනිමය ලබාදීමට පොරොන්දු වුණා. ඒ නිසා අපට ඒකත් ඉක්මනින්ම බාගන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. මේ මොහොතේ ඩීසල් හිඟයක් රටේ තියෙන බව ඇත්තයි. මොකද අපි පහුගිය දවස් පහේදිම අපට තිබ්බ මේ ඩීසල් නැව නිදහස් කරගැනීමේ ගැටලුව නිසා අපි පහුගිය දවස් පහේම සීමිත තොග තමයි ඉන්ධන පිරවුම්හල්වලට නිකුත් කළේ. ඒ නිසා රට පුරාම ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් හිඟයක් තිබුණා, ඒක ඇත්තක්”

අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ ඊයේ (23) පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

(LNW)